ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුගෙන් "ඔබේ ජීවිතයේ funම කාලය මොකද්ද?" කියල ඇහුවොත් 90%ක් දෙනාගේම පිලිතුර පාසල් කාලය කියනව අනිවා..... පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් ගන්නට ලැබෙන මේ funඑකට අපි කවුරුත් ආදරෙයි.මේ කාලය මෙච්චර සුන්දරයි කියල වැඩිපුරම හිතෙන්නේ ඒ කාලය ආයේ එන්නැති බව දැනෙන විටය.උදෙන් නැගිටින්න, ලොරියක පොත් උස්සගෙන ඉස්කෝලෙ යන්න, හවසට පන්ති අපෝ... මොන කට්ටක්ද කියල ඒ දවස් වල කොච්චර හිතුනද? ඒත් දැන් නම් මට ආයේ ඉස්කෝලෙ ආසයි. ඒ කාලේ කරපු අමන වැඩ, කුප්ප වැඩ මතක් වෙනකොටත් මාර ආතල් එකක් තමයි හිතට දැනෙන්නෙ. ඒ කාලේදි කරපු සිරා වැඩක් මට මේ ලඟදි මතක් උනා..
මo හිටියෙ 10 වසරේ ඒ වෙනකොට.අපිට වාණිජ්‍ය හා ගිණුම්කරනය කියල subject එකක් තිබුණා. කවුරුත් දන්නවනේ ඉතින්... මo ඒ කාලෙත් හෙනම ඇමීටරේ තමයි... :) ඔය periodඑක මට දිරවන්නෙම නෑ. අප්පා... ඒ මදිවට ඒක උගන්වන එක්කෙනා.මෙලෝ රහක් නෑ.... එයා පෙන්ශන් යන්න ඔන්න මෙන්න හිටපු මිස් කෙනෙක්. එයා කියල දෙන මෙලෝ හරුපයක් මට නම් තේරෙන්නෑ. තේරෙන්නැති ගොනාට කොටල පෙව්වත් තේරෙන්නෑනෙ කියල මම හැමදාම පන්තියෙ මුල්ලක් අල්ලගෙන ඒ periodඑකේ කවුරු හරි එක්ක කයියක් දාගෙන ඉන්නවා.. එහෙමත් නැත්නම් සින්දුවක් දෙකක් කියල අපි අපේ ආතල් එකේ ඉන්නවා..ටික දවසක් ඔහොම යද්දි පන්තියෙ ඉන්න එකත් boring වගේ වුනා.ඒ හින්දා අපි කස්ටිය එක්කම setවෙලා periodඑක cut කලා.මෙහෙම කට්ටි පැනපු දවසක අපි groundඑකට ගිහින් cricket ගැහුවා.එදා ඔය කියන subject එක තිබුණෙ දවසෙ අන්තිම period දෙක විදියට.කට්ට අව්වෙ හිතේ හැටියට match එකකුත් ගැහුව කියමුකො...
දැන් ගේම තමයි මිස්ගෙ කනෙන් රිoගල පන්තියට පැන ගන්න එක.අපි බෙල් එක වැදුණට පස්සේ පන්තිය වටේ පොඩි search එකක් දැම්මා. මිස් ගිහින් තිබුන හින්දා shape එකේ පන්තිය ඇතුලට රිoගුවා.'අප්පටසිරි ගජ' අපි කට්ටියටම සෙට්ටපෝච්චි වී ඇත.period cut කරපු set එකේම bags සමනා අරන් ගොස්ය."සමනා" යනු සමන් සර්ය.mans එවකට අපේ වසර භාර ගුරුවරයාය. අපි ලේසියට කිව්වේ සමනා කියාය.අපි cricket ගහන අතරතුර සමනා පන්තියට රිoගා ඇත.'හත්තිලව්වයි' bag එක නැතුව ගෙදර ගියොත් අම්මාගෙන් වටපෝරියල් තමයි.කොහොම වුනත් චාටර් වෙන්න හරි කමක් නෑ කියල හිතල සමනාගේ පරම්පරාවත් සිහියට නගාගෙන අපි set එක සමනාව සොයා ගියා..අපි යන විට සමනා සිටියේ ගෙදර යන්න ලෑස්ති වෙමිනි.දැන් කවුද ඉස්සෙල්ලම mansට ගිහින් කතාකරන්නෙ? කට්ටිටයම පස්ස ගහනවා(මමත් ඇතුලුව ). කොහොම හරි මම හිතට guta අරගෙන සර්ට කතාකලා.මේකාට තියන බය වැඩිකමටද කොහෙද මගේ කකුල් දෙකත් මැන්ඩලීන් ගහනව වගේ.. කට්ට අව්වෙ cricket ගහපු නිසා ඉහින් කනින් දාඩියද දමයි...සමනා අපේ ඇඟට ගොඩ උනේ සිoහයෙක් වගේ.
"තමුසෙල ඇත්තටම මොකටද ඉස්කෝලෙ එන්නෙ?? ගෙදරට වෙලා ඉන්න බැරිද පව් දෙන්නැතුව?"
මේකා හරියට බනින්නේ මo විතරක් cricket ගැහුව වගේනෙ... මගේ ඔලුවට මේවාට පිලිතුරු ගoගාවක් ගලා ආවත් ඒවා කිව්වනම් මට ගෙදර එන්න වෙන්නෙ කකුල් දෙකෙන් නොවන බව දන්න නිසා කට පියාගෙන හිටයා..කොහොම හරි අපි set එක සමනාට ඇත්තම විස්තරේ කිව්වා.අපි අපේ bags ටිකත් ඉල්ලුවා. මේකා ඒවා ටික එයාගෙ කබඩ් එකටත් දාගෙන... මට නම් සමනා එක්ක ඌරුජුවල්ය.අන්තිමට අපි හැම දෙනාටම සමනාගෙන් අම්බානට කන්නට සිද්ද උනා.. ඊටත් පස්සෙ සමනා කියපි "දැන් මිස්ගෙන් සමාව අරන් එනවලා කියලා.." අප්පා මල චාටර් වැඩේ.. මේ වෙද්දි නම් මට සමනා ගැන ගුරු භක්තිය උතුරා දෝරේ යමින් තමයි තිබුනෙ... මිස්ගෙන් පස්සේ දවසක සමාව ගන්නා පොරොන්දුව පිට bags ටිකත් අරන් එතනින් චුත විය.
පස්සේ දවසක ගත්ත සමාවකුත් නෑ.. ආයේ අපි මිස්ව හම්බ වුනෙත් නෑ.
කොහොම උනත් period cut කරපු ඒවට මටම විභාගයෙදි සබ්බුව set වුනා. වාණිජ්‍ය pass වුනේ අනූනවයයි තුන්කාලෙනි.මේ වගේ සුන්දර මතකයන් කතා කරන්නවත් ඒ කාලේ හිටිය යාලුවො දැන් හම්බ වෙන්නෙත් නෑ.. මෙවැනි ජල්තර සිද්දි චිත්‍රපටයක් ලෙස ආයේ මතක් කරන එක පට්ට ආතල් වැඩක් තමයි..මේ සිද්දි යලි මතක් කරන විට ඉබේම මගේ මතකයට එන සින්දු කෑල්ලක් තියනව. එනම් ශාලිත අබේවික්‍රම මහතා ගායනා කරන "සුලඟේ ලෙලෙනා" ගීතයයි.